මන්ත්‍රී ගැහූ බව නීතීඥයෙක් කියයි


ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී. ද සිල්වා මහතාත් තවත් නීතීඥවරයකු සහ ඇමති ආරක්ෂක අංශයේ යැයි සිතිය හැකි කිහිප දෙනකු තමන්ට පහරදුන් බව පවසමින් නීතීඥ තුෂාර ද සිල්වා මහතා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්ව ඇත. ඒ මහතා පවසන්නේ ගාල්ල ශ්‍රී ලංකා නිදහස් නීතීඥ සංගමයේ නිලවරණය පැවති අවස්ථාවේදී තමන් කරුණු දක්වද්දී මෙලෙස පහරදුන් බවයි.

මන්ත්‍රී මොහාන් පී. ද සිල්වා මහතාගෙන් ඇසූ විට ඔහු කීවේ තමන් ඔහුට පහර නොදුන් බවයි. එහෙත් නීතීඥයන් පිරිසක් ඔහු අසළ සිටි බවත් එසේ වූයේ කවර හේතුවක් නිසාදැයි සොයා ගැනීම සඳහා ඔහු එම අවස්ථාවේ වෛද්‍ය පරීක්ෂණයකට ලක්කළ යුතුව තිබුණායැයි ද තමා වෛද්‍යවරයකු නොවූවත් ඔහු සිටි තත්ත්වය ගැන අවබෝධයක් ඇතැයි ද මන්ත්‍රීවරයා කියයි.